මොකක්ද මේ JAVA ?


JAVA  යනු මෘදුකාංග නිර්මාණය සදහා යොදා ගන්න ප්ලට්ෆොර්ම් එකකි.මෙය මුලින්ම සොයා ගත්තේ James Gosling විසිනි.Sun Micro -Systems වලින් අරඹ වූ මෙය මේවනවිට ORACLE  සමාගම විසින් මිලදී ගන්නා ලදී.මෙය ආරම්බ වූයේ 1995 දීය.දැනට ලොව තිබෙන වඩාත් ප්‍රසිද්දම මෘදුකාංග නිර්මාණ කරන Language එක ලෙස සැලකිය හැකිය
මෙම JAVA තාක්ෂණයෙන් කර හැකිදේ බොහොමව.නුතන ලෝකය ගත විට ලෝකේ තිබෙන Electronic Items  වලින් 55% කම මොලය ලෙස බවිත වෙන Micro -Chips ප්‍රෝග්‍රෑම් කර ඇත්තේ JAVA තාක්ෂනයෙනි.මෙය වඩාත් ප්‍රචලිත වීමට ප්‍රදාන හේතුවක් වන්නේ එය Open Source ප්රෝග්‍රම්මින්ග් Language  එකක් නිසාය.JAVA මෙලෙස ප්‍රසිද්ද වීම නිසා  JAVA Programmers ලා  හට දැඩි ඉල්ලුමක්ද පවතී.ඔබත් මෙම JAVA තාක්ෂනය ඔබගේ ජීවිතයට එක කරගෙන රටට වැඩ දායි පුද්ගලයෙක් වෙන්න
.

චමත් පලිහවඩන. 

Chamath Palihawadana {Batch-33 (Cyber-Lords)} 
chamathpali123@gmail.com
www.chamath.tk

දස INTERNET ධර්ම

Dehan Vithana [+94714470384]
dehan.vithana@yahoo.com




1. විද්‍යුත් තැපෑල[E-mail] හා අන්තර්ජාලය[Internet] හා සම්බන්ධ දුරකතන මගින් ලෝකයේ තිබෙන මොන ක්‍රමයටත් වඩා ඉක්මනින් ඕනෑම කෙනෙකු සමග සම්බන්ධ වීමේ පහසුව තිබේ.

ලියවිල්ලක් වේවා, ජායාරූපයක් හෝ වීඩියෝ පටයක් එකක් වේවා මේ හැම දෙයක්ම ලෝකයේ ඕනෑම තැනකට යවන්නට විද්‍යුත් තැපෑල යොදා ගැනීමේ පහසුව අලුතින් උපන් පරම්පරාවට ලැබී ඇත.




2. තමන්ගේ ලියවිල්ලක් අන්තර්ජාලය තුළ තිබෙන වෙබ් අඩවියක් හරහා ප්‍රසිද්ධ කරන්නට ඕනෑමඅයෙකුට පුලුවන. මෙහි තේරුම ඕනෑම අයෙකුට ප්‍රකාශකයෙකු හෝ ලේඛකයෙකු වීමේ අවස්ථාව අන්තර්ජාලය නිසා ලැබී ඇති බවය.

දිනපතා තමන්ගේ අදහස් ලිය පල කරන පුවත්පත් කර්තෘවරයෙකුට මෙන් ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් අන්තර්ජාලය හරහා පළ කිරීමේ ක්‍රමයක් තිබේ. ඒ බ්ලොග් රචකයෙකු[Blogger] වීමය. අනෙක් අතට පෞද්ගලික වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නෙකුට තමන්ගේ ලේඛන,ජායාරූප හා චිත්‍ර පමණක් නොව අන්අයගේ ඒවා ද ප්‍රකාශයට පත් කරන්නට පුලුවන.


3. තොරතුරු සොයා ගැනීමේ සරලම ක්‍රමය හෙවත් Search කිරීම දන්නා මොන තරාතිරමක කෙනෙකුට වුවත් අවශ්‍ය තොරතුරු අන්තර්ජාලය තුළින් උකහා ගත හැක.

අහවල් රටේ ජනගහනය කොපමණද? අහවල් නගරය තිබෙන්නේ මොන රටේ ද? ලෝකයේ හොදම චිත්‍රපටය,නවකථාව මොකක්ද? මේ ආදී තොරතුරු සොයා ගන්නට අන්තර්ජාලය හැර වෙනත් මගක් ගැන කල්පනා කරන්න. ඔබට පුස්තකාල කීයක රස්තියාදු වෙන්නට සිදුවේවි ද? විශ්ව කෝෂ කීයක් පෙරළා බලමින් රස්තියාදු වෙන්නට සිදුවේවිද? ඒත් අන්තිම ප්‍රතිඵලය විදියට හරිම දේ ලැබේදැයි කියා සහතිකයක් ද නැත.

එසේ වුවත් අන්තර්ජාලය සම්බන්ධය ඇති පරිගණකයක් ඉදිරිපිට ඔබ සිටින්නේ නම් මේ ප්‍රශ්න සැනෙකින් විසදේ. ඔබට ඇත්තේ ඔබේ ප්‍රශ්න සියල්ලම ගැනම Searchදමා තත්පර කීපයක් බලා සිටීම‍ය. මෙන්න! දැන් ප්‍රශ්න සියල්ලටම උත්තර ලැබී තිබේ. එක් මූලාශ්‍රයකින් නොව මූලාශ්‍ර ගණනාවකින් ලැබෙන මේ උත්තර එක් පොතක් බලා සොයාගන්නා උත්තරයට වඩා නිවැරදිය. අන්තර්ජාලය නැති කාලයේ සිටි පරම්පරාවට මේ පහසුව තිබුණේ නැත.


4. ලෝකයේ ඕනෑම රටක මේ දැන් සිදුවෙන්නේ කුමක්දැයි කියවෙන ප්‍රවෘත්ති ලබා ගන්නට අන්තර්ජාලය තරම් හොද වෙනත් මගක් නැත.

රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලි යන්ත්‍රයෙන් ප්‍රවෘත්ති අසන්නට වන්නේ ඒ ඒ ආයතනවල බලධාරීන් තීරණය කරන වේලාවට අපේ වැඩ අතහැර දමා ඒවා අසන්නට ලක ලෑස්ති වීමෙනි.
අන්තර්ජාලය එන්නට කලින් තිබූ මේ තත්වය දැන් නැතිව ගොසිණි. විනාඩියෙන් විනාඩියට අලුත් කෙරෙන ප්‍රවෘත්ති සේවා අන්තර්ජාලයේ තිබේ. BBC වේවා, CNN වේවා, රොයිටර්ස් හෝ ප්‍රංශ පුවත් සේවය වේවා, මේ හැම ප්‍රවෘත්ති සේවයක්ම අන්තර්ජාල ප්‍රවෘත්ති සේවා පවත්වා ගෙන යයි. මීට අමතරව ලෝකයේ හැම රටකම පහේ පුවත්පත් අන්තර්ජාල සංස්කරණ පවත්වාගෙන යන නිසා ඒවා නිවසට හෝ පුස්තකාලයට එන තෙක් බලා සිටීමේ පරණ සම්ප්‍රදාය අන්තර්ජාලය නිසා නැතිවී ගොසිනි.


5. ඔබගේ මිතුරෙකුගේ හෝ වෙනත් අවශ්‍ය කෙනෙකු සිටිනා තැන සොයා ගන්නට පහසුම තැන බවට දැන් අන්තර්ජාලය පත්ව තිබේ.

ඔබට දැන් සම්බන්ධකම් නැති මිතුරෙක් සිටින්නේ කොහිදැයි ආරංචි කොට බලන්නට කළ යුත්තේ ඔහුගේ නම හා විස්තර ටිකක් යොදා Search කිරීම පමණි. හේ අන්තර්ජාලය භාවිතා කරන්නෙක් නම් කොහෙත්ම ඔබට මග හැරෙන්නේ නැත.සමහරවිට අවුරුදු ගණනාවක් කිසි හෝඩුවාවක් නැතිව සිටි මිතුරෙකුගේ පෞද්ගලික වෙබ් අඩවියම ඔබට හමු වන්නට ඉඩ තිබේ.


6. ඔබට තිබෙන ලොකුම ප්‍රශ්නය තමන්ට තිබෙන යම් රෝගයක් ගැන වෛද්‍යවරයා ලබා දෙන තොරතුරු සෑහෙන්නේ නැතිකම නම් දැන් තැවෙන්නට ඕනකමක් නැත. ඔබේ රෝගය ගැන ඕනෑතරම් දේ අන්තර්ජාලය තුළ තිබේ.
ඇමරිකාවේ මායෝක්ලිනික් [Mayoclinic] ආයතනය ලෝකයේ ඇති හොදම රෝහලකි. මේ රෝහල රෝගීන්ගේ ප්‍රශ්නවලට උත්තර දීමේ වැඩසටහනක් අන්තර්ජාලය හරහා පවත්වාගෙන යයි.[Virtual Hospital]  එවැනි තවත් විශ්වාසනීය සේවා ඕනෑ තරම් තිබේ.

මේ සේවය ලබා ගැනීමේ හැකියාව අන්තර්ජාලය එන්නට කලින් ලෝකයාට තිබුණේ නැත. තම රෝග පීඩා ගැන විතරක් නොව තමන්ගේ වාහනයේ දෝෂ ගැන නිෂ්පාදකයාගෙන්ම තොරතුරු ලබා ගන්නට පුලුවන. ගෙදර දොර විදුලි උපකරණ ගැන වුවත් එසේමය.

මේ සේවය ලබා ගැනීමේ හැකියාව අන්තර්ජාලය එන්නට කලින් ලෝකයාට තිබුණේ නැත. තම රෝග පීඩා ගැන විතරක් නොව තමන්ගේ වාහනයේ දෝෂ ගැන නිෂ්පාදකයාගෙන්ම තොරතුරු ලබා ගන්නට පුලුවන. ගෙදර දොර විදුලි උපකරණ ගැන වුවත් එසේමය.


7. සංගීත රසාස්වාදය,චිත්‍රපට නැරඹීම හෝ වීඩියෝ ක්‍රීඩා කිරීම හෝ යනාදී විනෝස්දාස්වාද වැඩවලට අන්තර්ජාලය හොදට උදව් කරයි.

අන්තර්ජාල රේඩි‍යෝ[Internet Radio] හෝ පෝඩ්කාසිටිං[Podcasting] මගින් ගුවන් විදුලියට සවන් දිය හැක. අන්තර්ජාලය තුළින් කැමති චිත්‍රපට හා ගීත M83 මාදිලියෙන් බාගත හැක.[Download] වීඩියෝ ක්‍රීඩා මෙන්ම ජංගම දුරකතන‍යට Ringtones වුවත් අන්තර්ජාලයෙන් පහසුවෙන් ලබා ගත හැක. මේ අන්තර්ජාලය එන්නට කලින් පරම්පරාව අත් නොවිදි අත්දැකීමකි.


8.වෙළද පොළට නොගොස්, වෙළද නියොජිතයන් හමු නොවී තමන්ට ඕනෑ කරන භාණ්ඩ ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුව අන්තර්ජාලය නිසා ලැබී තිබේ.

මෙසේ පොත්පත් ගෙන්වා ගන්නට ඕනෑ නම් ඇමේසන්[Amazon] වෙබ් අඩවිය හෝ බාන්ස් ඇන්ඩ් නොබෙල් වෙබ් අඩවියට[Barns & Noble] යා යුතුය. ඊ-බේ[e-Bay]වෙබ් අඩවියට ගියේ නම් කෞතුක භාණ්ඩවල පටන් සැමන් ටින් එකක් දක්වා ඕනෑම දෙයක් සොයා ගන්නට පුලුවන.



9. ලෝකයේ යම් රටක හෝ නගරයක සංචාරය කරන්නට කලින් ඒ තැන ගැන ජායරූප හෝ වීඩියෝ දර්ශන නරඹන්න පුලුවන් නම් ඒ සංචාරය වඩාත් අර්ථවත් වේවි.

ඔබ ඒ සංචාරයේ නොයෙදුනත් අන්තර්ජාලය තුළින් ඔබ කැමති නගරයේ හැටි පෙන්වන රමණීය ජායාරූප හා විස්තර බලා කියා ගන්නට පුලුවන.



10. බැංකුවක් විවෘත කරන හා වසන වේලාව අතරතුරේදී නොගොස් බැංකුවේ සේවය ලබා ගන්නට කලින් පුලුවන් වූයේ නැත. ඒ ද පෝලිම්වල රස්තියාදු වෙමිනි. එහෙත් අන්තර්ජාලය නිසා බැංකුව ඕනෑම වේලාවක ඔබේ දෙපා මුල විවෘතව තිබේ. පෝලිම් ද නැත.

Online Banking ක්‍රමය ලොව බොහෝ රටවල දැන් ක්‍රියත්මකය. උදේ පාන්දර හෝ වේවා ලෝකයේ ඕනෑම තැනක ඇති බැංකුවක් සමග අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට, වතුර බිල්පත් ගෙවා දැමීමට මෙමගින් පහසුකම් ලැබී තිබේ.





නූතනයේ පරිණාමනය

Dehan Vithana [+94714470384]
dehan.vithana@yahoo.com


මිනිසා ගොඩබිම ආක්‍රමණය කළේය. අනතුරුව ජල තලය ආක්‍රමණය කළේය. හේ අනතුරුව ගුවනට ද පෙම් බැන්දේය. ඉක්බිති හෙතෙම පරිගණක යුගයට පිවිසුනේය. පරිගණකය හරහා ඔහු පියවර තැබුවේ සයිබර් අවකාශයට ය. දැන් හෙතෙම මිනිස් මොළය ක්‍රමාංකණය කරන්නට ප්‍රයත්න දරයි.

එකමත් එක කාලයක වානරයාගේ ක්‍රමික විකාශනය මිනිසා උද්භව විය. අනිත් සතුන්ගෙන් මිනිසා වෙනස් වුයේ ඔහු විවිධ මෙවලම් භාවිතයට  හුරු පුරුදු වූ බැවිනි. මිනිසාගේ මේ මෙවලම් හරඹයේ කූඨප්‍රාප්තිය වනාහී පරිගණකය සොයා ගැනීමයි. පරිගණකයේ පරිණාමය විසින් එකමත් එක කාලයක ලෝකය මත කෘතිම බුද්ධිය බිහි කරනු ඇතැයි විද්‍යාඥයෝ අනාවැකි පළ කරති. ඉන් ඔබ්බට පුරෝකථනය කිරීමට තාමත් වේලාසන වැඩිය.

දෙවියන් වහන්සේ ලෝකය මෙවූහ. අනතුරුව තොරතුරු තාක්ෂණ විප්ලවය නිසා ලෝකය අලුතින් නිර්මාණය විය. දෙවියන් වහන්සේ මැවූ ලෝකයත්, මිනිසා මැවූ ලෝකයත් කොතෙක් දුරට එකිනෙක හා සම්පාත වනු ඇතිද? එය කතරට දියත්තක් වේද? නැතහොත් ස්වභාව ධර්මයා හා ජාතීන් අතර සංස්කෘතික අනන්‍යතාව වනසන මර උගුලක් වේද? අපි බලා හිදිමු.

දීර්ඝායුෂ ලබන්න,JAVA තාක්ෂණය භාවිත කරන්න.

Dehan Vithana [+94714470384]
dehan.vithana@yahoo.com



ජංගම දුරකථන භාවිතා කර විවිධ අධිතාක්ෂණික නිර්මාණ කල හැකි බවත්, ඒ සදහා අවශ්‍ය තාක්ෂණය JAVA භාෂාව හරහා ලැබෙන බව සැවොම දන්නා කරුණකි. මේ ලිපියේ අඩංගු වන්නේ ජංගම දුරකථනය භාවිතයෙන් මිනිසා ගේ රෝග නිර්ණය කර ගැනීමේ හැකියාව තමන්ටම සැලැස්වීම තුලින් දීර්ඝායුෂ ලැබීමට සැලැස්වීම පිළිබදවයි.

මෙඩිටච්[Meditouch] යනු වෛද්‍ය උපකරණ නිශ්පාදනය කිරීම පිළිබදව විශිෂ්ට නාමයක් උසුලන ආයතනයකි. 
එය ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇති ආයතනයකි.

මෙම ආයතනයේ සේවය කරන JAVA මෘදුකාංග ඉංජිනේරුවන්ට ජංගම දුරකථන භාවිතයෙන් නාඩි වැටෙන ආකාරයේ සිදුවෙන වෙනසක් පිළිබදව රෝගියාව දැනුවත් කරන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය විය. ඔවුහූ එම නිර්මාණය 2006 වසරේදී ඉතා සාර්ථකව අවසන් කළහ.

HandTutor
තමන්ගේ නාඩි වැටෙන ආකාරය ස්වංය ව නිර්ණය කර ගත හැකි උපකරණ මීට පෙර ඉතාම මිල අධික උපකරණ ලෙස හැදින්විය. ඒවා භාවිතා කලේ අභ්‍යාවකශා යනාවල ගමන් කරන ගගන ගාමීන් පමණයි.



එමෙන්ම HandTutor නැමති උපකරණය මගින් අස්ථි වල සිදුවන අබාධ ගැන රෝගියාට දැන ගත හැක. JAVAතාක්ෂණය ජංගම දුරකථන සදහා විවිධ අයුරින් භාවිතා කරන්නට හැකිවීම නිසා සාමාන්‍ය ජනතාව අතරට ද අද මෙවැනි පහසුකම් ලගා වී ඇත.

HandTutor ක්‍රියාත්මක වන ආකරය බලන්න. [http://www.youtube.com/watch?v=S2SQqIwjz64]

යහපත් බවේ සලකුණු

ඔබ මුලින්ම උත්සහ කළ යුත්තේ ඔබට ඉදිරියටට යා හැකි මාර්ගය හදුනා ගැනීමයි.
දෙවනුව එම මාර්ගයේ ගති ලක්ෂණ හදුනා ගැනීම කළ යුතු අතර තෙවනුව එහිදී ඔබට එල්ලවන බාධක හදුනා ගෙන එයට මුහුණදෙන්නේ කෙසේදැයි අවබොධ කරගෙන ක්‍රියා කළ යුතය. මෙම ක්‍රම වේදය නිසියාකරයෙන් නිම කරන ඔබට ඔබේ අනාගතයේ යහපත් බවේ සලකුණු දැකිය හැකි වන්නේය.

How to Build tyour Future

First of all you should be understand  what is my way and how to developed it . Next one  how to developed  and Identified the Main Areas by  your path. Next one is  how to solve the problem against to you  from your path. If you can Those are the  Complete , then you can Become a Build your Future..